ලාංකිකයන් බේරා ගන්න සාකච්ඡා
මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මියන්මාර තානාපතිනී මාලර් තන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය සමඟ සාකච්ඡා කළේය.
ජනපති සහ මියන්මාර තානාපති අතර හමුව ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකාව සහ මින්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බව තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.
කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මාලර් තාන් ටයික් මහත්මිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ උපදේශකවරුන් වන ලෙයී ඊ වින් (Lei Yi Win), තෙට් ෂෝ ටෝ ( Thet Zaw Toe) යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.