ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් බ්‍රිතාන්‍යය කල් ඉල්ලයි !



මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු බව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු හා පැසිපික් කලාපීය අමාත්‍ය අලොක් ෂර්මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.

මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  34 වැනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බන පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය අමාත්‍ය ෂර්මා මහතා පෙන්වා දුන්නේ  2015 දී ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ප්‍රතිසන්ධාන හා යුක්තිය ඉටුකිරීම සඳහා ක්‍රියාමාර්ග පිළිබඳ කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කාලය ලබාදිය යුතු බවයි.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාව බලාත්මක කිරීමට හා ස්ත්‍රීන් හා ගැහැණු ළමුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීම හා වගකීමෙන් යුතු ලෙස ක්‍රියාකිරීමට 2015 ඔක්තෝබර් මාසයේ සිට රජය සහයෝගය දැක් වුවද ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශව මෙය විවේචනයට ලක් කරන බවත්, එමෙන්ම ඇතැම් අය මෙය පාවා දීමක් හා ද්‍රෝහිකමක් ලෙසද පවසා තිබෙන බවත් ඔහු සිහිපත් කළේය.

 

තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS