රෝගීන් සිටීදැයි පරීක්ෂා කිරීම පුළුල් කෙරේ



ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේද කොරෝනා වෛරස් රෝග පරීක්ෂා කිරීමේ කටයුතු පුළුල් කිරීමට ද පියවර ගෙන තිබෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන් ගේ සෞඛ්‍ය පරීක්ෂා කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව කටයුතු කරන අතර මේ සදහා යොදවා ඇති කාර්යය මණ්ඩලය වැඩි කිරිමටද කටයුතු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. 

තවද මේ වන විට කටුනායක ගුවන් තොටුපලේ කොරෝනා රෝගින් හදුනා ගැනීම සදහා තර්මෝ ස්කෑන් යන්ත්‍ර 04ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා කියා සිටී.

මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස් අනුව සියලු ආරාක්ෂක විධි විධාන කෙරෙහි සැලකිලිමත් වෙමින් කටුනායක ගුවන් තොටුපල සහ ශ්‍රි ලංකන් ගුවන් සමාගම මේ සදහා කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා අවධාරනය කළේය

මේ අතර චීනය වෙසෙන ශී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා අදාල අවසරය ලැබුණු පසු ඒ සදහා විශේෂ ගුවන් යානායක් යෙදවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරන බව ඇමතිවරයා කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලට දැනටමත් වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙන යා හැකි ගුවන් යානා කීපයක් මේ සදහා යෙදවීමට කටයුතු කරන බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා සදහන් කරයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS