රෝගය බෝවීම පාලනය කිරීමේ පියවර
කොරෝනා වෛරස් රෝගය මර්දනය සඳහා සියලු සංචාරක පැමිණීම් සහ පිටත්වීමේ ස්ථානවලදී එම රෝගය බෝවීම පාලනය කිරීමේ සියලු පියවරයන් තවදුරටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව චීනයෙන් සහ එම කලාපයෙන් පැමිණෙන සංචාරකයින් සිටීනම්, මෙරටට ඇතුළු වූ පසු සති 2 ක් ඔවුන්ගේ සෞඛ්‍යය සමීපව නිරීක්ෂණය කරන ලෙසත්, රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස එම අධිකාරිය ඉල්ලීමක් කර සිටී.
රට තුළ වෛරසය පැතිරීම වැළැක්වීමට ඉකුත් 28 වැනිදා සිට චීන සංචාරකයින් වෙත වීසා නිකුත් කිරීම අත්හිටුවනු ලැබූ අතර , චීන ජාතිකයින් එරටදීම වීසා බලපත්‍ර අයදුම්පත ඉදිරිපත් කොට අයදුම්කරුගේ පළාත සහ වෙනත් තොරතුරු විමසා බැලීමෙන් පසු වීසා බලපත්‍ර නිකුත් කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
කොරෝනා වෛරස් තත්ත්වය මර්දනය කිරීමට සංචාරක ව්‍යාපාර වෙනුවෙන් ගෙන ඇති ක්‍රමවේද පිළිබද නිවේදනයක් නිකුත් කරමින් සංචාරක අධිකාරිය මේ බව කියා සිටී.
තවද ඉකුත් 28 වැනිදා සිට ක්‍රියාත්මකවූ ගුවන් තොටුපළ තුළට මගීන් සමඟ අමුත්තන්ට පැමිණීමේ තහනම තවදුරටත් පවතින අතර චීනයෙන් පැමිණෙන මගීන් සඳහා වෙනම පිටවීමේ පර්යන්තය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවීමද රජය පියවර ගත් බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර, කොරෝනා වෛරස් ආසාදිතයින්ට ගුවන්තොටුපළ හරහා රට ඇතලු වීමට ඉඩ නොලැබෙන බව සහතික කර ඇති අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය කණ්ඩායම් ආධාරයෙන් තවදුරටත් වෛරසය හඳුනා ගැනීම සඳහා ශරීර උෂ්ණත්ව පරීක්ෂණ යන්ත්‍ර භාවිතයෙන් ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය පැය 24 පුරා අධීක්ෂණය කරනු ලබන බවද එම අධිකාරිය පෙන්වා දේ.
සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමටද අධිකාරිය දැනටමත් පියවර ගෙන ඇති අතර ඒ අනුව රටේ සියලුම සංචාරක ස්ථාන තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සංචාරක හා සෞඛ්‍ය අමාත්‍යාංශ සමීපව කටයුතු කරන බවද එම අධිකාරිය පෙන්වා දේ.
( තිළිණි ද සිල්වා )