මත්ද්‍රව්‍ය ජාවාරමකට වරදකරුවූ ලාංකිකයා වසර 3 ක් හිරේ



මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීමේ හා භාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවූ  ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව කටාර් රාජ්‍ය යේ අපරාධ අධිකරණය විසින් දී වසර තුනක සිරදඞුවමක් නියම කර ඇතැයි තානාපති ආරංචි මාර්ග ඊයේ (05) වාර්තා කළේය. 

මෙම සිරදඞුවමට අමතරව කටාර් අධිකරණය විසින් චූදිත ලාංකකිකයාට එරෙහිව  කටාර් රියාල් ලක්ෂ දෙකක දඩයක් නියම කර ඇති බව එම තානාපති ආරංචි මාර්ග වලින්  වැඩිදුරටත් සඳහන් වේ.

මරිජුවානා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ බවට සැකපිට  එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඉකුත්දා මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇඳ සිටි ඇඳුම්වල සඟවා තිබූ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබු බව සඳහන්ය. 

පසුව කටාර් පොලීසිය විසින් ලාංකිකයාට එරෙහිව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ භාවිතය සම්බන්ධයෙන් දෝහා අපරාධ අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබ ඇත.

එම නඩු විභාගය දෝහා  අපරාධ අධිකරණයේ ඊයේ (05) විභාගය  කළ අතර ලාංකිකයාට එරෙහිව එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම දඩුව්ම නියමු කරනු ලැබීය. 

ලාංකිකයාට එරෙහිව පොලීසිය විසින් දියත් කළ වැඩිදුර පරීක්ෂා කිරීම්වල දී අදාළ ශ්‍රී ලාංකිකයා නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී තවත් මත්ද්‍රව්‍ය වර්ග සොයාගෙන ඇති අතර සැකකරු එම මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ද සිදුකළ රුධිර පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. 

කටාරය තුළ මත්ද්‍රව්‍ය ජාවරමේ නිරත වීම හා භාවිත කිරීම එරට පවතින ෂාරිය නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.   

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS