පිලිපීන විදේශ රැකියා අත්දැකීම් ශ්‍රී ලංකාවටත්
පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර විදේශ රැකියා සම්බන්ධ අත්දැකීම් හුවමාරු කරගැනීමට කටයුතු කළ යුතු බවට පිලිපීනයේ ප්‍රතිපත්ති කටයුතු, විදේශ කටයුතු අමාත්‍ය එන්රික් ඒ මැනාලෝ මහතා ප්‍රකාශ කොට ඇත.
ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බව විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි. .
එහිදී පිලිපීන රජය හා ශ්‍රී ලංකාව අතර, සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට සූදානම් බවත්, ඊට අමතරව පිලිපීන රජය මෙරට ඇතිවී තිබෙන දේශපාලන වටපිටාව පිළිබඳව සතුටු වන බවත්, ශ්‍රී ලංකා රජයේ ඉදිරි වැඩකටයුතු සඳහා සුභපතන බවත් පිලිපීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත.
විදේශ රැකියා අමාත්‍යවරිය මෙහිදී විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධයෙන් පිලිපීන රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත්, ඉදිරියේදී ඔවුන්ගේ අත්දැකීම්ද ශ්‍රී ලංකා විදේශ රැකියා ක්ෂේත්රයට ලබාගැනීමට කටයුතු කරන බවත්, ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු, පිලිපීනයේ හා බංගලාදේශයේ ශ්‍රී ලංකා තානාපති වින්සන්ට් විවැන්ඩියෝ ටී යන මහත්වරුන්ද එක්වූහ.
(විනීතා එම්.ගමගේ)