පස් දිනකදී සිසුන් 660ක් පැමිණේ !



ගතවූ පස් දින තුළදී, චීනයේ රැදි සිටි ශ්‍රී ලාංකික සිසුන් 660 දෙනෙකු  මෙරටට පැමිණ ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙලෙස දිවයිනට පැමිණියේ  නව කොරෝනා වෛ⁣රසය ව්‍යාප්ත වූ වූහාන් නගරය ,බීජිං අගනුවර ඇතුලු අනෙකුත් සෙසු නගර වල ඉගෙනුම ලබමින් සිටි සිසුන් යැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම පිරිස ඉකුත් 27 වැනිදා සිට ඊයේ (01)දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත් යානා වලින් හා වෙනත් ගුවන් සේවාවන්ට අයත් යානා වලින් පැමිණි බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සදහන් කළාය.

කොරෝනා වෛරස් රෝගය පැතිර යාම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ සිටින ලාංකික සිසුන් 33 දෙනෙකු අද (01) සාර්ථකව  යළි මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවය, බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,චීනයේ විදේශ අමාත්‍යාංශයසහ  වූහාන් ප්‍රාන්තයේ විදේශ කටයුතු කාර්යාලය සහාය දැක්වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියයි

මේ අතර චීනයේ සි⁣ට යලි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී..

චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනාආපසු ගෙන ඒම සඳහා විදේශ සබදතාඅමාත්‍යාංශය, බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයසහ ෂැන්හයි හා ග්වැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් කාර්යාලය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS