නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අක්තපත්‍ර



ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (1) පෙරවරුවේ සිය අක්තපත්‍ර භාරදුන්හ.

තානාපතිවරුන් නව දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් තිදෙනෙකු මේ අතර වූහ.

ශ්‍රී ලංකාවේ නව ස්ලෝවැකියානු තානාපතිවරයා ලෙස පත්ව ආ අයිවන් ලැන්කාරික්, මාලි රාජ්‍යයේ නව තානාපතිවරයා ලෙස සිකෝ කාසේ, අර්මේනියාවේ නව තානාපති ආර්මේන් මාර්ටිරොස්යාන්, සැල්වදෝරයේ නව තානාපති ආරියල් ඇන්ද්‍රාඞ් ගාලින්ඩෝ, කාම්බෝජයේ නව තානාපති උන්ග් සීන්, මාලදිවයිනේ නව තානාපති ඕමාර් අබ්දුල් රසාක්, ඊශ්‍රායල් නව තානාපති ආචාර්ය දොන් මල්කා සහ ගයනාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්ව ආ ඬේවිඞ් ගොඞ්වින් පොලාර්ඞ්, සයිප්‍රසයේ නව මහකොමසාරිස් අගිස් ලොයිසු යන මහත්වරුන් සහ උගන්ඩාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් දිනා ග්‍රේස් අකිලෝ මහත්මිය මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදුන්හ.

එලෙස අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඩයනා උදයංගනී          


RECOMMEND POSTS