තුර්කි නැවක් ඇවිල්ලා

නිල සංචාරයක් ඊයේ (13) දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් 'TCG BÜYÜKADA' නෞකාවේ නිරික්ෂණ චාරිකාවක වැඩබලන ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා නිරත විය.
එහිදී මෙරට තුර්කි තානාපති Semih Lütfü Turgut මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් Anul Bilgin විසින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාව නෞකාවට ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙහිදී තුර්කි තානාපතිවරයා කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පැසසුමට ලක්කර ඇත.තවද දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.
එමෙන්ම අරුණ ජයසේකර මහතා, තුර්කි නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් දෙරට අතර පවතින ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව සහ මිත්‍රත්වය සංකේතවත් වන බව පවසා තිබේ.

