ඩොලර් මිලියන 4.5 ක මූල්‍ය ආධාරයක්
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිව ගෙන යන සටනට සහාය දීමක් ලෙස ශ්‍රී ලංකාවට, එක්සත් ජනපද ඩොලර් මිලියන 4.5 ක (රුපියල් කෝටි 84කට අධික මුදලක්) මූල්‍ය ආධාරයක් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
ඒ අනුව ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ගෙන යන සටනට ඇමෙරිකාව මෙරටට ලබා දී ඇති සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 5.8ක් (රුපියල් කෝටි 108කට අධික මුදලක්) යැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හරහා ශ්‍රී ලංකාවට මෙම මුලද හිමි වේ. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශ සහ ජනකොටස් වෙත ලබාදෙන සමාජ සේවා වර්ධනය කිරීමටත්, සමාජ ඒකාබද්ධතාව ගොඩනැංවීම සඳහා ක්‍රියාකාරකම්වලටත් ඊයේ නිවේදනය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලෙන්, ඩොලර් මිලියන 2ක් වෙන් වේ.
එම මුදලින් ඩොලර් මිලියන 2ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ ආර්ථිකයට කාන්තාවන්ගේ සහභාගීත්වය වර්ධනය කිරීමට යෙදෙවනු ඇත.
නව ආධාර මුදලේ කොටසක් වසංගතය පවතින අතරතුරු අවදානමට පත් ජනතාවට උපකාර කිරීම මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් 590,000ක් ද මුදලක් ද ඇතුළත් බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරයි.
සෞඛ්‍ය ආධාර වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉකුත් මස, එනම් අප්‍රේල් 9 වැනිදා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ප්රදානය කළේය.
විද්‍යාගාර පද්ධති සූදානම් කිරීම, කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, සොයාගැනීම සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම්, ආසාදිතයන් සම්බන්ධ සිදුවීම් හා ආවේක්ෂණය, ප්‍රතිචාර සහ පෙර සූදානම සහ තාක්ෂණික විශේෂඥයන්ට සහාය ලබාදීමට එම මුදල් යෙද වේ.

