ජපන් රටේ රැකියා දෙන්න ලක්ෂ ගණන් අරන් අත් අඩංගුවේ
ජපන් රටේ කර්මාන්තශාලා වල රැකියා ලබාදෙන බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගත් පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඉකුත් 20දා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කාර්යාංශයේ මාධ්‍ය ඒකකයට ලද තොරතුරක් අනුව විශේෂ විමර්ශන ඒකකය සමඟ එක්ව උපාය දූතයෙකු මාර්ගයෙන් මොහු කොටුකර ගෙන තිබේ. මෙම සැකකරු සමඟ උපාය දූතයෙකු ලෙස සම්බන්ධ වී ජපන් රැකියාව ලබා ගැනීමට අවශ්‍ය මූලික මුදල වන රුපියල් 3,50,000 ක් හා ගමන් බලපත්‍රය ලබාදීමට යාමේදී මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හලකදී අත්අඩංගුවට ගත් බව කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
ඉන්පසු මහනුවර, ප්‍රිම්රෝස් ගාඞ්න් ප්‍රදේශයේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ජපන් රැකියා බලාපොරොත්තුවෙන් ඔහුට ලබාදුන් ගමන් බලපත්‍ර 13ක් හා උප්පැන්න සහතික, බැංකුවාර්තා ඇතුළු ලියවිලි රැසක් ද සොයාගන්නා ලදී. වැඩිදුර විමර්ශනවලදී හෙළිවූයේ මොහු මාතලේ ප්‍රදේශය මූලික කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි.
ජපානයේ සිට මෙරටට පැමිණි ජපන් ජාතිකයෙකු විසින් මෙම සැකකරුට ජපානයේ රැකියා ලබාදෙන බව පවසා ඇති අතර, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, දඹුල්ල වැනි ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් මෙසේ මුදල් එකතු කර ගෙන තිබේ. රැකියා අපේක්ෂකයින්ට මාස 2ක් තුළ රැකියා ලබා දෙන බව පවසා ඇතැයි විශේෂ විමර්ෂන ඒකකයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම වැටලීම සඳහා නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන අංශයේ කළමණාකරු, ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද, පොලිස් පරීක්ෂක එම්.එස්.ඩී.අබේධීර, පොලිස් සැරයන් එස්.ජේ.පී.රවින්ද්‍ර, විදේශ රැකියා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂ, හා සනිරු රිද්මික යන මහත්වරුන් එක්වී සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ජපන් රැකියා ලබාදෙන බව පවසමින් මෙසේ මුදල් රැස්කරන පුද්ගලයින්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
මෙවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කරන ලෙසත්, ඒ පිළිබඳව තමා පෞද්ගලිකව සොයාබලා කටයුතු කරන බවත් ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා රජය මැදිහත්වී ජපානයේ රැකියා ලබා නොදෙන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
විනීතා එම් ගමගේ