ජනාධිපතිවරණය පිළිබඳ දැනගත යුතු කරුණු



උදාසීන ආර්ථිකය, ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග සහ වර්ධනය වෙමින් තිබෙන දේශපාලන බෙදීම (ධ්‍රැවීකරණය)  මධ්‍යයේ නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා ශ්‍රී ලාංකිකයෝ ඊයේ (16) ඡන්දය ප්‍රකාශ කළහ.

 


මේ ජනාධිපතිවරණය පිළිබඳ ඔබ දැනගත යුතු කරුණුය. 

අපේක්ෂකයෝ කවුද ? 

මෙවර ජනාධිපතිවරණයට වාර්තා ගත අපේක්ෂකයෝ ගණනක් ඉදිරිපත්ව සිටිති. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂිතයන් ගණන 35කි.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව නොසිටින අතර ඒ නිසා ජනාධිපතිවරණයේ සටන ප්‍රධාන යැයි කියන අපේක්ෂකයන් දෙදෙනා අතරට සටනක් බවට පත්ව ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පාලක එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර එලෙස ජනාධිපතිවරණ සටන නිර්මාණය වී තිබේ.  

ගෝඨාභය රාජපක්ෂ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
 

ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් විපක්ෂ නායකවරයාද වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ද හොබවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හොබවන සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන බවටත් ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේදී නිරන්තරයෙන් පැවැසීය. 

2009 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ දෙමළ බෙදුම්වාදීන් යුදමය වශයෙන් පරාජයට පත් කරමින් 26 වසරක් මුළුල්ලේ පැවැති සිවිල් යුද්ධය අවසන් කළේය. එහිදි ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මුල්තැන් හෙබවීය. කෙසේ නමුත් යුද්ධයේ අවසාන සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජපක්ෂ හිතවාදීන් පාක්ෂිකයන් බොහෝ දෙනකු සහාය පළ කරන අතර ධුරයෙන් විශ්‍රාම යන වත්මන් ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පොදුජන පෙරමුණට සහාය පළ කර තිබේ. රටේ සුළු ජාතිකයන් අතර එදිරිවාදී චරිතයක් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ බහුතර ජන ප්‍රජාව වන සිංහල බෞද්ධ ජනගහනයේ ශක්තිමත් සහයෝගයක් හිමිව තිබේ. 

සජිත් ප්‍රේමදාස - එක්සත් ජාතික පක්ෂය / නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වන සජිත් ප්‍රේමදාස මහතාට පාලක එක්සත් ජාතික පක්ෂයේ සහාය හිමිව තිබේ. දෙමළ බෙදුම්වාදීන් අතින් 1993 දී ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතාගේ පුතා වන සජිත් ප්‍රේමදාස මහතා 1994 වසරේ සිට වරින් වර බලය හොබවමින් දේශපාලන කරළියේ දක්නට ලැබිණි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය හිමි වුවද ඔවුන් දෙදෙනා සෑම අවස්ථාවකදීම එකම ස්ථාවරයක සිටියේ නැත. මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය හිමිවන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ද යන ප්‍රශ්නය ද පැනනැගණි. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. 

සජිත් ප්‍රේමදාස මහතා ද ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන බවට පොරොන්දු ලබා දී තිබෙන ශක්තිමත් අපේක්ෂකයකු වන ගෝඨාභය රාජපක්ෂට පරාජයට කිරීම සඳහා දෙමළ හා මුස්ලිම් සුළු ජාතික ජන කොටස්වල සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා තබා ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වන මිලියන 21න් දෙමළ හා මුස්ලිම් ජන කොටස් සියයට 20ක හිමිකම් කියති. 

අනුර කුමාර දිසානායක - ජනතා විමුක්ති පෙරමුණ / ජාතික ජන බලවේගය 

අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාය. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛත්වයෙන් ජාතික ජන බලවේගය නමින් සන්ධානයක් පිහිටුවාගත් අතර එම පක්ෂයෙන් දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයකට සම්බන්ධ වී සිටි අතර එය අත්හැර 1994 දී දේශපාලනයට එක්විය. 

අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඔහු 2018 වසර දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළේය. 2018 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය අවස්ථාවේදීද ඊට විරුද්ධව දැඩි තදබල ලෙස අදහස් දැක්වීය. දූෂණයට එරෙහිව අදහස් දක්වන කථිකයකු ලෙස හෙතෙම ප්‍රකටය.
 
මහේෂ් සේනානායක - ජාතික ජනතා පක්ෂය 

මහේෂ් සේනානායක මහතා හිටපු යුද හමුදාපතිවරයා ය. හෙතෙම අදේශපාලනික ඡන්ද දායකයන්ගේ අපේක්ෂකයා ලෙස නම් වී තිබේ. 

සේනානායක මහතා වසර 36ක් යුද හමුදාවේ සේවය කිරීමෙන් අනතුරුව මේ වසරේ අගෝස්තු මාසයේදී යුද හමුදාවෙන් විශ්‍රාම ගත්තේය. ඔහු සිවිල් යුද්ධය සමයේදීද යුද හමුදාව තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. 

ඔහු යුද හමුදාවේ සිටිය කාලය තුළ මතභේදත ඇති නොවුණා යැයි කිව නොහැක. මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේදී මහේෂ් සේනානායක මහතා 2010 වසරේදී රටින් පිටව ගියේය. රාජපක්ෂ මහතාගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකායට සහාය පළ කිරීමට පළිගැනීමට ලක්වනු ඇතැයි බියෙන් ඔහු එලෙස රටින් පලා ගියේය.
මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේදී ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අවස්ථාවේදී ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. 

ප්‍රධාන කරුණු සාධක මොනවාද ?

ආරක්ෂාව

මේ වසරේ අප්‍රේල් මස 21 වැනිදා මරාගෙන මැරුණු බෝම්බකරුවන් අට දෙනකු කතෝලික දේවස්ථාන තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට විනාශකාරී ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය. පාස්කු ඉරිදා දේව මෙහෙයන් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවලින් 269 දෙනකු මියගිය අතර 400කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 

එම ප්‍රහාරවලින් ශ්‍රී ලංකා ආණ්ඩුව පුදුමයට, වික්ෂිප්තභාවයට සහ කම්පනයට පත්වූ අතර පාර්ලිමේන්තුවේ මූලිකත්වයෙන් විමර්ශනයක් කළ අතර රටේ ආරක්ෂක ව්‍යුහයේ සෑම මට්ටමකම අසමත්කම් සම්බන්ධයෙන් වාර්තාවක් ද සකස් කරන ලදි. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ බුද්ධි අංශ මට්ටමේ ප්‍රධානීන්ගෙන් ද මෙහිදි සාක්ෂි ලබාගත්තේය. 

ඒ නිසාම මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ අඩු ලුහුඬුකම්වලට පිළිතුරු සපයන්නේ කවුදැයි ඡන්ද දායකයෝ සැලකිලිමත් වූහ. එවැනි ප්‍රහාර නැවත එල්ල නොවීමට වග බලාගන්නේ කවුදැයි ඡන්ද දායකයෝ සැලකිලිමත් වූහ. එම ප්‍රහාරවලින් රටේ සුළුතර ජන කොටසක් වන මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වූ අතර කලකෝලාහල ද ඇතිවිය. දක්ෂිණාංශික සිංහල බෞද්ධ නායකයෝ ඒවාට නායකත්වය දුන්හ. මේ නිසා රට තුළ බෙදීම් වැඩි විය, වර්ධනය විය.

ආර්ථිකය 

අධික ණය බරත් උදාසීන ආර්ථික වර්ධනයත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරත් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අර්බුදයකට පත්ව තිබේ.  පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු ගෙවී ගිය මුල් මාස කිහිපයේදී සංචාරක පැමිණීම් සීග්‍රයෙන් පහත වැටුණු අතර ඊට පසුගිය වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය නිසා ද සංචාරක පැමිණීම් පහත වැටී තිබිණි. 

බලයට පත්වන කවුරුවුවත් ආර්ථික වර්ධනය සුරක්ෂිත කළ යුතු අතරම රටේ ඇමෙරිකානු ඩොලර් බිලියන 34.4ක විදේශ ණය පියවීමට ද අත්‍යවශ්‍යයෙන්ම පියවර ගත යුතුය. ආණ්ඩුව වර්තමානයේ ආර්ථිකය හසුරුවන ආකාරය ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේම විවේචනයට ලක්විය. කෙසේ නමුත් විදේශ ණයවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. 

2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයෙන් පසු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේය. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය ආපස්සට හරවමින් රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේය. 

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් ඔහුට පාර්ලිමේන්තුවට මුහුණ දීමට සිදුවේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සතුවය. මේ නිසා ඉක්මන් මැතිවරණයක් කැඳවීමට විශාල ඉඩක් තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් ඔහුට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ස්ථාවර විය හැකි අතරම ජනාධිපති ධුර බලතල ද හිමි වේ. කෙසේ නමුත් එකම පක්ෂයේ වුවත් ඔහුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර මතභේද හා වෙනස්කම් පවතී. 

ඡන්දයේදී මොකද වෙන්නේ ?

මිලියන 15.9ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 81.5ක් වූ අතර එය කලාපයේ ඉහළම අගයක් ලෙස සැලකුණි. 

ආණ්ඩුවේ ව්‍යුහය

අර්ධ ජනාධිපති ක්‍රමවේදයක් අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියාත්මක වේ. ජනාධිපතිවරයා විධායක බලතල හොබවන අතරම ඔහු අග්‍රාමාත්‍යවරයා හා හවුල්කාරීත්වයෙන් පාලනය කරගෙන යයි. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පත් කරන අතර අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශ මත කැබිනට් මණ්ඩලය පත් කරයි.  

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකි. ඔහු බලයෙන් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ඇතිව පමණි. 

අල්ජසීරා ඇසුරිනි 
 

RECOMMEND POSTS