චෝදනාවලට පිළිතුරු ඕනෑ
ලෝක ප්‍රජාවට පොරොන්දු වූ පරිදි ජාත්‍යන්තර විනිසුරුවන් සහභාගි කර ගනිමින් ශ්‍රී ලංකාව තමන්ට එල්ල වන මානව හිමිකම් චෝදනාවන්ට පිළිතුරු සැපයිය යුතු බව කැනඩාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇතැයි ජීනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය පෙරේදා (04) අමතමින් කැනඩාව මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්වේ. ජිනීවා හි කැනඩා නිත්‍ය නියෝජිතවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ලැබ ඇත.
යුද්ධයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ සිත් සුවපත් කිරීම සඳහා සැබෑ ප්රඩතිසංවිධානයක් ක්රිරයාත්මක කළ යුතු බව ද කැනඩා නිත්‍ය නියෝජිතවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබ ඇත.
කැනඩා නියෝජිතවරයා පෙන්වා දෙන්නේ මෙරට දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධයේ අවසන් අවස්ථාව ඉතා වැදගත් මොහොතක් වූ බවත් එමෙන්ම යුද්ධයට මුහුණ දුන් පාර්ශව වල විශ්වාසය තහවුරු කිරීම සඳහා වගවීමේ ක්‍රියාවලිය යළි ස්ථාපිත කිරීම පිළිබඳව ද කැනඩාව යළිත් සිහිපත් කර ඇති බව සඳහන්ය.
මේ සඳහා ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය ජාත්‍යන්තර විනිසුරුවරුන් නීතිඥයින් සම්බන්ධ කර ගනිමින් කටයුතු කිරීම ඔවුන් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කිරීමක් බව කැනඩාව වැඩිදුරටත් පවසා ඇත.
ඒ සඳහා පැහැදිලි කාල රාමුව සහ උපාය මාර්ග ඉදිරිපත් කළ යුතු බව කැනඩාව පෙන්වා දී තිබෙනවා.
( තිළිණි ද සිල්වා )