ගැටුම් අවසන් කරන්නැයි ඉල්ලයි

හටගත් ගැටුම සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටී.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇතැයි පැවැසෙයි.
ඊශ්‍රායලය සහ ඉරානය දිනෙන් දින වර්ධනය වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව ද අදාළ නිවේදනයේ සදහන් වෙයි.
දෙරට අතරේ කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, ගැටුම් අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ලංකාව ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරයි.
එලෙසම ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබා දී තිබේ.

