ගාල්ල මුහුදෙන් නව කොරල් විශේෂයක්

1883 වසරේ දී, ගාල්ල අවට මුහුදෙන් එකතු කරන ලද, ලන්ඩන් ස්වාභාවික විද්යා කෞතුකාගාරයේ තිබූ කොරල් සාම්පල යළි පරීක්ෂා කිරීමේ දී අපූරු දෙයක් අනාවරණය විය. විද්යාඥයන් අනාවරණය කළේ
ඒවා පවෝනා ගියැනී Pavona giannii නමැති නව කොරල් විශේෂයට අයත් බවය. පවෝනා ගියැනී ගල්පර ආශ්රිතව දකින්න ලැබෙන කොරල් විශේෂයකි.
මෙම විශේෂය, අනෙකුත් පවෝනා කොරල්වලින් වෙන්කොට හඳුනාගත හැකි ප්රධාන ලක්ෂණය, දිවා කාලයේ පවා එ්වායේ අඬු (tentacles) සම්පූර්ණයෙන්ම පිටතට විහිදා තිබීම යැයි පැවැසෙයි. එහි මතුපිට අනෙකුත් බොහෝ කොරල්වල මෙන් උස් වූ වැටි හෝ නෙරුම් (ridges) දක්නට ලැබෙන්නේ නැත. එපමණක් නොවෙයි,
මේවායේ කොරල්ලයිට් (corallites) ඉතා සමීපව පිහිටා ඇති අතර, ඒවායේ මතුපිට සිනිඳු ස්වභාවයක් ගනී. කොරල්ලයිට් (Corallite) යනු ගල් කොරල් (Stony corals) වල පොලිප් (Polyp) හෙවත් බුහුබාවන් නැමැති සාගර ජීවීන් විසින් තම ආරක්ෂාව සඳහා ස්රාවය කරනු ලබන දැඩි කැල්සියම් කාබනේට් (හුණුගල්) බාහිර සැකිල්ලය.

