ගමන් බලපත්‍රය ලබන 31 වැනිදා සිට



 
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ‘මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය ලබන 31 වැනිදා සිට නිකුත් කිරීම අවසන් වන බව ආගමන විගමන පාලක ජනරාල් එම්.එන්. රණසිංහ මහතා කියා සිටියි.
 
ඒ අනුව ලබන ජනවාරි 01 වැනිදා සිට සියලූම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරනු ලබන බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කර සිටී.
 
( තිළිණි ද සිල්වා )

RECOMMEND POSTS