කොරියාවේ ලාංකිකයින් සදහා විශේෂ වැඩපිළිවෙළක්
දකුණු කොරියාවේ ඩේගු නගරයේ කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ ගියද මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට ගොදුරු වී නොමැති බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
මේ වනවිට සංක්‍රමණික කම්කරුවන් මෙන්ම සිසුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 20,000 කට අධික පිරිසක් එරටේ වෙසෙන බවත් එරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ඩේගු නගරයෙහි වෙසෙන 915 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කෙරෙහි සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.
එසේ වුවද දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව විදේශ සබඳතා අමාත්‍යාංශය සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටින්නේ යැයිද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
තානාපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඍජු දුරකථන දැනට පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක් ද ක්‍රියාත්මක කර ඇත.
මේ සඳහා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් පිහිටුවා ඇති අතර, මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ අනෙකුත් සියලු දෙනා සමඟ සම්බන්ධ වී සිටින බවද විදේශ අමාත්‍යාංශය කියයි.
තානාපති කාර්යාලයේ පොදු දුරකථන අංක වන (0082) -2-735-2966, (0082) -2-735-2967, (0082) -2-794-2968 හෝ සසංගා නිකපිටිය, පළමු ලේකම් - (0082) -10-7222-1352 හෝ සෙනරත් යාපා, උපදේශක (රැකියා හා සුභසාධන) - (0082) -10-3389-2227 හෝ නිලන්ති පැලවත්තගේ, දෙවැනි ලේකම් - (0082) -10-4084-0855 හෝ සමන්තා සේනායක, තෙවැනි ලේකම් (රැකියා හා සුභසාධන) - (0082) -10-7499-2966 යන අංක අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
( තිළිණි ද සිල්වා )