කොරියානු භාෂා විභාගයට සියයට අනූවක් පෙනී සිටලා



ඇගැයීම් මත ලකුණුදීමේ ක්‍රමවේදය (ESP - Topik system) යටතේ පැවැත්වුණු පළමු කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම් කළ අපේක්‍ෂකයින් ගෙන් 90.3% සහභාගි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

 විභාගය සඳහා අපේක්ෂයින් 22353 දෙනෙකු අයදුම්පත්‍ර ලබාගෙන සිටි අතර, විභාගය සඳහා මුහුණ දුන්නේ අපේක්‍ෂකයින් 20,187 දෙනෙකු පමණි. අයදුම්කරුවන් 2165 දෙනෙකු විභාගයට ඉදිරිපත් නොවූහ.

මෙහි ප්‍රතිඵල ඔක්තෝම්බර් මස 12 වෙනිදා නිකුත් කිරීමට නියමිතයි. ප්‍රතිඵල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අඅඅගිකඉfැගකන යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව නිපුනතා පරීක්‍ෂණය නොවැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

කොරියාවේ රැකීරක්‍ෂා හා කම්කරු අමාත්‍යංශයත්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව ඇගයුම් ලකුණු මගින් ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙම ක්‍රමවේදය මඟින් භාෂා හැකියාව පමණක් නොව කාර්ය අත්දැකීම් හා කුසලතා සඳහාද ලකුණු හිමිවේ. මෙම ක්‍රමවේදය මඟින් කොරියානු භාෂාවට අඩු ලබාගන්නා, එහෙත් රැකියාව තුළ දරන සාධන මට්ට සහිත අය සඳහා වැඩි අවස්ථාවක් හිමිවේ. මේ ක්‍රමයෙන් රැකියා සඳහා තෝරාගත් අයගේ නම් කාර්යාංශයේ වෙබ් අඩවියේ පළකරනු ලබයි.

කොරියානු රැකියා ලබාදීම සඳහා ලංකාවේ කිසිඳු පුද්ගලයෙකුට මැදිහත් විය නොහැකි බවත්, කොරියානු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කරන කිසිඳු වංචාකරුවෙකුට හසු නොවන ලෙසත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කොරියානු රැකියා අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී.


RECOMMEND POSTS