කොන්දේසි අවලංගුයි
කුවේට් රාජ්‍යය වෙත යන සියලු ශ්‍රී ලාංකිකයින් කොරෝනා වයිරසයේ (කොවිඩ් 19) ආසාධිතයකු නොවන බවට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට එරට රජය නිකුත් කර තිබූ කොන්දේසිය අවලංගු කිරීමට තීරණය කළ බවට කුවේට් හි සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.
මෙම සහතිකය මාර්තු 8 වැනිදා සිට එරටට යන්නන් වෙනුවෙන් අනිවාර්ය කර තිබිණි.
එරටට පැමිණීමේදී මෙම වයිරසයේ ආසාධිතයෙකු නොවන බව තහවුරු කෙරෙන පී.සී.ආර් නම් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කරන ලෙස කුවේට් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට දැනුම් දී තිබූ බව ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අතරින් සමහර රටවල එම පරීක්ෂණය සිදුකිරීම සම්බන්ධයෙන් පවතින තාක්ෂණික අපහසුතා සැලකිල්ලට ගෙන එම වෛද්‍ය සහතික ලබාගැනීම අවලංගු කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
(ඩයනා උදයංගනී)