කුවේට් ශ්‍රමිකයන්ට රක්ෂණයක්
කුවේට් රාජ්‍යයේ ගෘහස්ත කියා සඳහා යන ශ්‍රමිකයන් වෙනුවෙන් ජුනි මස 3 වැනිදා සිට එරට තුළ නව රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
විදේශ රැකියා ඒජන්සියක් හෝ ස්වයං මාර්ගයෙන් කුවේට් රටෙහි ගෘහ සේවයට යන ශ්‍රී ලාංකිකයන්ට මෙම රක්ෂණාවරණය ලබා දීම අනිවාර්ය වන අතර එය එරට සේවයට බඳවා ගන්නා හාම්පුතා විසින් ගල්ෆ් ඉන්ෂුවරන්ස් ඇන්ඞ් රිඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගමෙන් ලබා දිය යුතුය.
එරට දි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන අනතුරු, අසනීප, නැවත හරවා එවීමට ලක්වීම, හෝ මරණයට පත්වන අවස්ථා වෙනුවෙන් මෙම රක්ෂණයේ ප්රතිලාභ හිමිවනු ඇත.
යම් ශ්‍රමිකයකු කුවේට් හි රැකියාවට යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේ දී රැකියා ගිවිසුම අස්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වන අතර විදේශ රැකියාවට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේ දි රැකියා ගිවිසුම සමග මෙම රක්ෂණ ඔප්පුව ඉදිරිපත් කිරීම ද අනිවාර්ය වන බව කාර්යංශය කියයි.
මෙම රක්ෂණ ක්‍රමය දැනට විදේශ රැකියා සඳහා යන සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙරට දි ක්‍රියාත්මක වන සසහන රක්ෂණාවරණයට අමතරව ක්‍රියාත්මක වන්නක් බව ද කාර්යංශය තව දුරටත් පවසයි.
විනීතා එම් ගමගේ

