ඕමානයේදී ශ්‍රී ලාංකික කතුන් අලෙවි කළ නිලධාරියකු ආපසු ගෙන්වයි.
(විනීතා එම් ගමගේ)
ඕමානයේ දී ශ්‍රී ලාංකික කාන්තාවන් මුදලට අලෙවි කළ බව කියන එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධව සේවය කරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙකු වහා මෙරටට කැඳවා ඔහුට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කළ බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට ඊයේ (03) පැවැසුවාය.
මෙම නිලධාරියා සංචාරක වීසා මත එරටට ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස එරට හාම්පුතුන්ට මුදලට විකුණා ඇතැයි පැවැසේ.
මේ සම්බන්ධව තමන්ට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මෙම පියවර ගත් බවද අමාත්‍යවරිය කීවාය.
ඕමානයේ ශ්‍රී ලංකාතානාපති කාර්යාලය මේ පිළිබඳව දිගටම පරීක්ෂන කරන බවද අමාතයවරිය කීවාය.
ඕමානයට සංචාරක වීසා මත පැමිණෙන අය සඳහා රැකියා වීසා බලපත් ලබාදීම වලක්වන ලෙස ඉල්ලීම් කල අතර ඒ සඳහා එරට මිනිස් බල අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි ද අතුකෝරල මහත්මිය පැවැසුවාය.
සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා පිටත්ව ගොස් රැකියා වීසා අයදුම් නොකරන ලෙසත් ඕමානයට රැකියා සඳහා යන්නේ නම් රැකියා වීසා මත පමණක් පිටත්වන ලෙස අමාත්‍යතුමිය රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියාය.