ආරක්ෂාව වෙනුවෙන් හදිසි නීතිය
ශ්‍රී ලංකාවේ පනවා ඇති හදිසි නීතිය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමා ජේ මොහිදීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
තානාපති ෙම් බව සදහන් කරනුෙය් ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින ගැටුම්කාරී තත්ත්වය ගැන නිෙව්දනයක් නිකුත් කරමිනි.
එය ලංකාෙව් පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බවද ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මලයාසියාවේ ගුවන් සමාගම් කිහිපයක්ද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව නිවේදන නිකුත් කරනු ලැබූ අතර එම නිවේදන මගින් සඳහන් කර ඇත්තේ හදිසි නීතිය පැනවීමේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ සිදු කරන දෛනික ගුවන් ගමන් අවලංගු කිරීමක් සිදු කර නොමැති අතර ඒවා සාමාන්‍ය පරිදි සිදුවන බවයි.