අවධානයෙන් ඉන්න කියයි
මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇති තිබෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමෙදී දැඩි අවධානයක් යොමු කරන ලෙසට දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ටේ්රලියාව යන රටවල් විසින් සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කරනු ලැබ ඇත.
එම රටවල් සිය වැසියන්ට කියා ඇත්තේ මහනුවර ප්‍රදේශය මුල් කර ගනිමින් ඇති වී තිබෙන වාර්ගික ගැටුම් ගැන එම පෙදෙස් වල සංචාරයේ යෙදීමට පෙර සැලකිලි මත් වන ලෙසය.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව , බි්රතාන්ය විදේශ කාර්යාලය සහ ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිය රටවැසියන් සදහා මෙම සංචාරක උපදේශන නිකුත් කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන් වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකා රජයේ නිල නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද එම ට්විටර් පණිවුඩය මගින් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනයේ සඳහන් වේ.
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයද ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව නිකුත් කර ඇති සංචාරක උපදේශනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය පුරවැසියන් උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන සහ පිරිස් එක් රැස්වන ස්ථානවල රැදී සිටීමෙන් වැලකිය යුතු බවයි.
මේ අතර ඕස්ටේරිලියා විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුල සංචාරය කරන ඕස්ටේ්රලෙියානුවන් රජයේ නිල නිවේදන සහ මාධ්‍ය නිවේදන පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.
එසේම ලංකා රජය විසින් සතියක කාලයක් සදහා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ගැනත් අනෙක් සියලු දෑ සම්බන්ධයෙන් තොරතුරැ දැන ගැනීමට දේශීය මාධ්‍ය මගින් වාර්තා කරන සිදුවීම් ගැන අවධානයෙන් පසුවන ලෙසද එම රටවල් නිකුත් කළ සංචාරක උපදේශනයන් හි දැක්වේ.
( තිළිණි ද සිල්වා )