අපේ රටින් නව වැලි මැස්සෙක්



ලීෂ්මේනියාසිස් යනු ආසාදිත ගැහැනු වැලි මැස්සන් දෂ්ට කිරීමෙන් පැතිරෙන, ප්‍රධාන වශයෙන් සම මතුපිට තුවාල ඇති කරන රෝගයකි. පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ මෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, රෝග පාලනය සඳහා වැලි මැසි ගහනය නිවැරදිව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ. මේ වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ඩී.එන්.ඒ. තාක්ෂණය සහ ශාරීරික ලක්ෂණ පදනම් කරගනිමින් විශේෂ අධ්‍යයනයක් සිදු කර ඇත.

මෙම පර්යේෂණයේ වැදගත් දේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෘහශ්‍රිත පරිසරයකින් නව වැලි මැසි විශේෂයක් සොයා ගැනීමය. ශ්‍රී ලංකාවේ වැලි මැසි පර්යේෂණ ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ මහාචාර්ය නයණ ගුණතිලක මහතාට ගරු කිරීමක් ලෙස මෙම නව විශේෂය Sergentomyia nayanasis ලෙස නම් කර ඇත. මීට අමතරව, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් Idiophlebotomus නමැති වැලි මැසි ගණය ද ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනීමට පර්යේෂකයෝ සමත් වී සිටිති.


RECOMMEND POSTS