රඟපාන්න කලින් ගුරුවරියක්



Natasha-006
Natasha-005

‘තප්පර කට්ටා’ ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රිය වුණු ශෙරංගි නටාෂා, මගේ ඉපැරැණි පෙම්වතිය ටෙලිනාට්‍යයෙන් කරළියට පැමිණ සිටී. 

ශෙරංගිගේ වැඩකටයුතු මොනවද?
තප්පර කට්ටා ටෙලිනාට්‍යය අවසාන වුණාට පස්සෙ මගේ ඉපැරැණි පෙම්වතිය ටෙලිනාට්‍යයෙන් මම මේ දවස්වල රසිකයො අතරට එනවා. ඊට අමතරව තවත් ටෙලිනාට්‍ය දෙකක රූගතකිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. 
Natasha-004
Natasha-003
මගේ ඉපැරැණි පෙම්වතිය ගැන කතා කළොත්?
ෂුගර් ඩැඩී කෙනෙක් මත්තෙ ඉන්න තරුණියක් යහමගට ගන්න උත්සාහ කරන හොද යාළුවෙක්ගේ චරිතයකුයි මගේ ඉපැරැණි පෙම්වතිය ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ. මගේ රංගන ජීවිතය තුළ මට හම්බවුණ අලුත් අත්දැකීමක් විදිහට ඒ චරිතය හඳුන්වන්න පුළුවන්. 
Natasha-001
Natasha-002
රංගනයට සම්බන්ධවුණේ කොහොමද ?
දෙරණ අවුරුදු කුමරිය 2022 තරගයේ දෙවෙනි ස්ථානයේ කිරුළ ජයග්‍රහණය කීරීමත් එක්කයි මට නිළියක් වෙන්න ලැබුණේ. 2022 වසරේ ඉඳලා මියුසික් වීඩියෝ සහ රූපවාහීනී වෙළෙඳ දැන්වීම් රැසකට සම්බන්ධ වුණා. 2022 වසරෙදිමයි තප්පර කට්ටා ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙලා රඟපෑවේ. 
 
නිළියක් නොවුනා නම් මොනවා කරාවිද?
රඟපාන්න කලින් ඉඳලා මම ගුරුවරියක් විදිහට වැඩ කළා. රංගනය මගේ ජීවිතයට සම්බන්ධ නොවුණා නම් සමහරවිට මම දිගටම ගුරුවරියක විදියට ඉන්න තිබුණා. 
Natasha-14
Natasha-11
Natasha-12
රංගන ක්ෂේත්‍රය ගැන කතා කළොත් ... 
රූගතකිරීම්වලට අපව ගන්නෙ උදේ පාන්දර. ඉතින් උදේම නැගිටිනඑක තමයි මට එපා වෙන දේ. ඒ විදිහට කැපකිරීම් කරලා රඟපාපු දේ තිරයක නරඹන එක තමයි මම ලබන ලොකුම සතුට. 
 
ශෙරංගිට ඉන්න ලොකුම හයිය කවුද? 
මගේ ජීවිතයේදි මගෙත් එක්ක හැම වෙලේම ඉන්න කෙනා අම්මා. මාව හදලා වඩලා උගන්නලා සමාජයට යොමු කරලා ජීවිතය දිනන්න මට ලොකුම හයිය දෙන කෙනා තමයි මගේ අම්මා. 
 
කලා ක්ෂේත්‍රය ඇතුළේ යාළුවො ඉන්නවද? 
ඔව්. අංජලී ජයසිංහ සහ වින්ඩි ඒකනායකව මම පෞද්ගලික මට්ටමින් ආශ්‍රය කරන යාළුවො. අපි තුන්දෙනාම රංගන ක්ෂේත්‍රයේ වැඩ කළාට තරගයක් නැහැ. එක්නෙක්ට වැඩක් ලැබිලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට යනකොට අපි තුන්දෙනාම සතුටු වෙනවා. තුන්දෙනාම කවදාහරි දවසක රංගන ක්ෂේත්‍රයේ ඉහළ තලයක ඉන්නවා දකින එක අපි තුන්දෙනාගෙම බලාපොරොත්තුව වෙලා තියනවා. 
Natasha-10
Natasha-009
කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ මොනවාද? 
මගේම කියලා ගෙයක් හදාගන්න එක තමයි මේ වෙද්දි මට තියන ලොකුම බලාපොරොත්තුව. කලින් නම් මට තිබුණා වාහනයක් ගන්න බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව මේ වෙද්දි මම ඉටුකරගෙන තියෙන්නෙ. 
 
නිවාඩු දවස්වල මොනවද කරන්නේ? 
නිවාඩු දවසට මම ජිම් යනවා. යන්න බැරි වුණොත් ගෙදර සිංදු දාගෙන නටනවා. එහෙම නැත්තන් යාළුවොත් එක්ක රවුමක් ගහලා කෑම කන්න එළියට යනවා. 
 
සරාගීකම ගැන අදහස මොකක්ද? 
සිහින් ඇඟ, දිග කොණ්ඩය, නාදලු පෙනුමැති තොල්, හැඩැති පිරිපුන් පියයුරු, පළල් උකුළ ඇතුළු සියලු අංගවලින් පරිපූර්ණ ගැහැනු පෞර්ෂය සරාගීකම විදිහ හඳුන්වන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඒ විදිහෙ ආකර්ශණීය සරාගී පෞර්ෂයක් මට තියනවා කියලා. මගේ පෞර්ෂය ගැන සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. 
 
ගැලපෙන්න ඇඳුම් අඳින්නෙ කොහොමද?
අහිසංකයි කියලා පෙන්නන්න සමහර අය ඇඟ වැහුන දිග ඇඳුම් විතරක් අඳිනවා වුණාට මම නම් ඇඳුමෙන් අහිංසකයි පෙන්නන්න උත්සාහ කරන්නෙ නැතුව ඇඟ පේන විවෘත කොට ඇඳුම් අඳිනවා. හැබැයි මම ඇඟ පේන ඇඳුම් අඳින්නෙ විවෘතව ඇඳලා සහභාගි වෙන්න පුළුවන් ස්ථානවලට විතරයි. 
Natasha-008
Natasha-007
පහසුවක් දැනෙන ඇඳුම මොකක්ද? 
කොට ගවුම තමයි මට ගොඩක්ම පහසුවක් දැනෙන ඇඳුම. කොට ගවුම ඇන්දම මට ගොඩක් ලොකු සැහැල්ලුවක් නිදහසක් ලැබෙනවා. 
 
ඉක්මනින් කේන්ති යන කෙනෙක්ද? 
කතාවට කියනවනෙ සරාගී කෙල්ලොන්ගෙ පපුව හොඳයි කියලා. ඉතින් මගෙත් පපුව හොඳයි. මම හැමදේකදිම කටයුතු කරන්නෙ කේන්ති ගන්නෙ නැතුව ඉවසීමෙන්. ඉවසීම නිසා මට ලැබුණ දේවල් වගේම අහිමිවුණ දේවලුත් තියනවා. හැබැයි මම ඒ හැමදේම දරාගෙන සතුටින් ජීවත් වෙනවා.

RECOMMEND POSTS