සෞදිය පුද්ගලයින් 1,700ක් ඉවත් කරයි



සෞදි අරාබිය සුඩානයෙන් පුද්ගලයින් 1,700ක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

රටවල් 50කට අයත් පුද්ගලයින් ඉවත් කිරීම සඳහා නෞකාවක් සුඩාන වරායට යවා ඇත.

සුඩානයේ කාර්ටූම්හි තදාසන්න ප්‍රදේශයේ සටන් විශාල ලෙස වැඩිවීමත් සමඟ විශාල පිරිසක් රටින් පලා යන අතර, පලා යන පිරිසෙන් බහුතරයක් විදේශිකයන් වේ.

මේවනවිට සුඩානයෙන් පලායන පුද්ගලයින් බේරාගැනීමට බොහෝ රටවල් ඉදිරිපත් වී සිටින අතර, මෙය මෙතෙක් සිදුකළ විශාලතම ඉවත් කිරීම ලෙස සැලකේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර )

RECOMMEND POSTS