බිළිඳු වකුගඩුව පොල් ගෙඩියක් වෙයි



බහරේනයේ මාස හතක බිළිඳකුගේ දකුණු වකුගඩුව තුළ පොල්ගොඩියක ප්‍රමාණයක පිළිකා ගෙඩියක් තිබී ඉවත් කර ඇති බව වාර්තා වේ.

අරාබි සම්භවයක් ඇති, විල්ම්ස් පිළිකා රෝගයෙන් පෙළෙන දැරියව හමාඩ් රජු විශ්ව විද්‍යාල රෝහලේදී පැය දෙකක සැත්කමකට භාජනය කිරීමෙන් පසු සුවය ලබමින් සිටියි.

විල්ම්ස් පිළිකා රෝගය යනු ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන වකුගඩු පිළිකා වර්ගයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මනාමා නුවර)

RECOMMEND POSTS