බහරේනය ලාංකිකයන්ට දොර වසයි



ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් කිහිපයකින් පැමිණෙන ශ්‍රමිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් වාර්තාව්.

මෙරට පවතින කොරෝනා අවදානම හේතුවෙන් එරට රැකියා බලපත්‍ර ලබාදීම මෙලෙස දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මේ දිනවල ආසියා රටවල් හී පැතිර යන කොවිඩ් 19 හි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාවද එරට විසින් රතු ලැයිස්තු ගත කළ රටවල් කිහිපයක අතර වේ.

මේ හේතුවෙන් ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට බහරේන් රජය මෙම තහනම පනවා ඇතැයිද තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ. කෙසේ වුවද බහරේනයේ පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයන්ට මෙම තහනම බලනොපාන බවද වාර්තාවේ.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS