පලස්තීනයට සහය දුන්නොත් බලාගෙනයි:



පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවට තර්ජනය කර ඇත.  ට්‍රම්ප් පවසා ඇත්තේ, පලස්තිනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නීගෙන ඇති තීරණය, කැනඩාව සමඟ නව වෙළෙඳ ගිවිසුමකට යෑම අසීරු කරවනු ඇති බවය.

“ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍ය අනුගමනය කරමින් කැනඩාවත් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්න සූදානම් බව පවසනවා. ඒක මහ අණුවන ක්‍රියාවක්. කැනඩාව එක්ක දැන් කොහොමද වෙළෙඳ ගනුදෙනු ඇති කරගන්නේ ...” යැයි ට්‍රම්ප් සිට ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ සටහනක් පළ කරමිණි.

පලස්තීනය සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් ගන්නා තීරණවලදී, ට්‍රම්ප් සැමවිටම ඊට විරෝධය පළ කරයි. ඒ, ට්‍රම්ප් කොන්දේසි විරහිතව ඊශ්‍රායලයටත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුටත් සහාය දැක්වන බැවිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS