ඩුබායි පාලකයාගේ හිත උණු වෙයි



ඉරාකයේ ලබාලතම අශ්වාරෝහක දැරියට ඩුබායි පාලකයා අශ්වයින් කීපදෙනෙකු ලබාදී ඇති බව වාර්තා වේ.

ලනියා ෆාකර් නම් 8 හැවිරිදිකුඩා දැරියගේවෙළඹමියගිය පසු, ඇය වෙළඹව බදාගෙන අඬනවීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවල සංසරණය වී ඇත.

එම වීඩියෝව නැරඹීමෙන් පසු, ඇයට අශ්වයින් කීපදෙනෙකු ලබාදීමට ඩුබායි පාලකයා කටයුතු කර ඇත.

තවද, අශ්වාරෝහකයින් පුහුණු කිරීමේ මධ්‍යයස්ථානයක් ඉදිකර දීමට ඩුබායි පාලකයාපොරොන්දු වී ඇත.

තම වෙළඹ (ජැස්නෝ) අසනීප වී ඇති බව වෛද්‍යවරයා පැවසූ බවත්,  රැකබලා ගැනීමට උත්සාහ කළද වෙළඹ මියගිය බව ලානියා පැවසුවාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS