කුවේට්-කටාර් සමීප සහයෝගීතාවයක

කුවේටය සහ කටාර් රාජ්‍යය අතර සමීප සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
කුවේට් තොරතුරු හා සංස්කෘතික අමාත්‍ය මෙන්ම තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය අබ්දුල්රහ්මාන් අල්-මුටෙයිරි, කටාර් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් කලීෆා අල් තානි සමඟ දෝහා නුවරදී සාකච්ඡා කළේය.
මෙහිදි,රටවල් දෙක අතර දැණුම හුවමාරු කරගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කරගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
රැස්වීම අතරතුර, කුවේට් අමාත්‍ය,. අබ්දුල්රහ්මාන් අල්-මුටෙයිරි, 2025 අරාබි කුසලාන තරඟාවලියට සහභාගී වන නියෝජිතයින්වඋණුසුම් ආකාරයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් කටාර් නායකත්වයට, රජයට සහ ජනතාවට ස්තූතිය පළ කළේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - දෝහා නුවර )

