කුරාණ ගිනි තැබීම් වළක්වන්න නිතිමය පියවර ගන්නවා



මින් ඉදිරියට ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම් ආදී, ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ සිදුවීම් වැළැක්වීමට නීතිමය පියවර ගැනීම කෙරෙහි සලකා බලන බව ඩෙන්මාර්ක රජය පවසයි.

පසුගිය දා ඩෙන්මාර්කයේ ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම් සිදුවිය. එසේ වූයේ විදහසේ අදහස් පළ කිරීමට ඩෙන්මාර්කයේ ඇති අයිතිය තහවුරු කරමිණි.

එසේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හැකි වුවත්, ආගමට අපහාස කිරීම කළ නොහැකි බව ​ඩෙන්මාර්ක රජය පෙන්වා දී ඇත. ඒ අනුව නව නීති සකස් කිරීමට කටයුතු යොදන බව ද පැවැසෙයි.

කුරාණ ගිනි තැබීම් කළේ ඩෙන්මාර්ක අන්තවාදීන් පිරිසකි. ඔවුන් එසේ කළේ සමාජ මාධ්‍ය ඔස්සේ කුරාණ පිටපත් ගිනි තබන අයුරු සජීවීව පෙන්වමිනි.


RECOMMEND POSTS