ඊශ්‍රායලයට එරෙහිව රටවල් රැසක විරෝධතා

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන වැසියන් කුසගින්නේ මියයෑමට එරෙහිව ඕස්ට්‍රේලියානුවෝ විරෝධතා රැලි පවත්වති. දස දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් එම විරෝධතා රැලිවලට සහභාගී වී සිටින අතර, විරෝධතා පැවැත්වෙන්නේ සිඩ්නි, බ්‍රිස්බේන් සහ මෙල්බන් යන ප්‍රධාන නගරවලය. විරෝධතා රැලි 40 ක් පැවැත්වුණු බව ඕස්ට්‍රේලියා මාධ්‍ය පවසයි.
ඕස්ට්‍රේලියාවේ පමණක් නොව, මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර, සෙනගාලයේ ඩකාර් අගනුවර, කෙන්යාවේ සහ බෙල්ජියමේ ද ගාසා පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලය රජයේ කුරිරුකම්වලට එරෙහිව විරෝධතා රැලි පැවැත්විණි.
2023 ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව ඊශ්‍රායලයට ප්‍රහාර දුන්නේය. ඊශ්‍රායලය, ගාසා තීරය ආක්‍රමණය කරමින්, නොකඩවා ගාසා තීරයට පහර දීම ආරම්භ කළේ ඉන්පසුවය. ඊශ්‍රායලය එල්ල කරන එම ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 62,263 කි.
ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කර වසර දෙකකට ආසන්න කාලයක් ගතවෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවල සාගත තත්වයක් පවතින බවත්, ආහාර සැපයීම නවත්වා, ඊශ්‍රායලය ගාසා වැසියන් මරා දැමීමේ අරමුණින් හිතාමතා එම සාගත තත්වය නිර්මාණය කළ බවය.
ගාසා තීරයේ 641,000 ක් ආහාර නොමැතිව සිටින බවත්, ඊට අයත් කුඩා දරුවන් ගණන 132,000 ක් බවත් පැවැසෙයි.
ගතවු පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනකු සාගතයෙන් මිය බවත්, එමස අට දෙනා ද සමඟ සාගතයෙන් මියගිය සංඛ්‍යාව 281 ක් දක්වා ඉහළ ගිය බවත් පලස්තීන සෞඛ්‍ය අමතයාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කුසගින්නේ මියගිය පලස්තීන දරුවන් ගණන114 කි. පලස්තීන වැසියන් මෙසේ කුස ගින්නේ මියයෑමට සැලැස්වීම ඊශ්‍රායලය සිදු කරන යුද අපරාධයක් යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත.
මේ අතර, ගාසා වැසියන් අමුඅමුවේ මරා දමනවා යැයි ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට චෝදනා එල්ල වී ඇති අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
මේ වනවිට පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත. ඒ, එලැඹෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදීය. ප්‍රංශය ගත් තීරණය පැසැසුමට ලක් කරමින්, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව ද පවසා ඇත්තේ තමන් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය.

