ඉන්දියානුවන් දෙදෙනකුට මරණ දඩුවම

කුවේටය ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාලයන් පිළිබඳව සිදුකරන ලද සියුම් මෙහෙයුම් වලින් අනතුරුව ඉන්දිය ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කර ඇත.
ඔවුන් සතුව තිබූ සැලකිය යුතු නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ සොයා ගෙන ඇත.
කුවේටය පුරා බෙදාහැරීමට සකස් කර තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 14 ක් සහ දේශීයව ෂාබු ලෙස හඳුන්වන මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 8 ක් එම මත්ද්‍රව්‍ය තොගයට අයත් වේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNonline - කුවේට් නගරය)

