150 ට වඩා වේගයෙන් ගියොත් පිටුවහල්

කුවේට් රාජ්‍ය පැයට කිලෝමීටර් 150 කට වඩා වැඩි වේගයකින් රිය පදවන විදේශිකයන්ව පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය X (පෙර ට්විටර්) පණිවිඩයක් ඔස්සේ නිවේදනය කළේය.
“නියමිත වේග සීමාවන් ඉක්මවා යාම සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොමැත” යන තේමාව යටතේ අදාල නීතිරීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැඩිව අවධාරණය කරයි.
පුරවැසියන් සහ විදේශිකයන් යන දෙපාර්ශවයටම අදාළ වන පරිදි විවිධ වේග සීමා උල්ලංඝනය කිරීම් සඳහා වන දඬුවම් පැහැදිලි කරන රූප සටහනක් ද අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලදී.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

