හෙග්සිත්ට එරෙහි දෝෂාභියෝගයක්

ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයේ, රිපබ්ලිකන් පක්ෂය ලැබූ ඓතිහාසික පරාජයේ වගකීම පෙන්ටගනයේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පිට පටවමින්, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනූ ප්‍රතිවාදී ඩිමොක්රටික්වරු සූදානම් වෙති.
පසුගිය 3 වැනිදා පැවැත්වුණු අමෙරිකන් මධ්‍යවාර මැතිවරණයේදී, ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත්, සෙනෙට් සභාවේත් බහුතරය දිනා ගැනීමට ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයෝ සමත් වූහ.
කොංග්‍රසයේ බහුතරය ඇති බැවින්, ඔවුන්ට පහසුවෙන්ම ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම කළ හැකිය.
මධ්‍යවාර මැතිවරණයෙන්, බලයේ සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂය දැඩි පසු බැසීමකට ලක්වූයේ ඉරානය සමග පවතින යුද්ධය සහ ඒ ආශ්රිත ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධාන ලෙස බලපෑ බව උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද පවසා ඇත. ඉරාන යුද්ධය හේතුවෙන්, ඇමෙරිකානුවන් රිපබ්ලිකන් පාක්ෂිකයන් සම්බන්ධයෙන් කලකිරී සිටින බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා ඇත.
කෙසේ නමුත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ කීමට, ඇමෙරිකාව ඉරානය සමග යුද්ධයක පැටලුණේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ දුන් උපදෙස් අනුව යැයි රිපබ්ලිකන්වරුන්ගෙන් පවා චෝදනා එල්ල වෙමින් පවතී.

