හූති මිසයිල රියාද් නුවරට



යේමනයේ හූති සටන්කාමීන් රියාද් නගරය දෙසට එල්ල කරන ලද මිසයිල සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර දමා ඇති බව වාර්තා වේ.

රියාද් නුවරට දෙසට එල්ල කළ මිසයිල සාර්ථකන විනාශ කර දැමීමට හැකි වු බව යේමනයේ හූති සටන්කාමීන්ට එරෙහිව සටන් වදින සෞදි අරාබිය ප්‍රමුඛ හමුදා සන්ධානය ප්‍රකාශ කළේ ය.

නිරිතදිග සෞදි අරාබියේ බිෂ් සහ ෆරාසාන්, බටහිරින් පිහිටි තායිෆ් මෙන්ම රතු මුහුදු තීරයේ පිහිටි යාන්බු යන නගරවල සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර ද ව්‍යර්ථ කළ බව නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය වැඩිදුරටත් ප්‍රකාශ ක කළේ ය.

එමගින් යම් හානියක් සිදු වූයේ ද යන්න පිළිබඳව එහි සඳහන් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS