සෞදි ගුවන්තොට විවෘත කෙරේ



යේමනයේ ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්ගේ තර්ජන හේතුවෙන් වසා දැමුණු රියාද් නුවර කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පර්යන්ත දෙකක කටයුතු යළි ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

හූති සටන්කාමීන් ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා කිං ඛාලිද් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, එයින්
13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගුවන්තොටුපොළට ද හානි සිදුවිය. ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීන් තීරණය කළේ ඒ අනුවය.

යේමනයේ ඉරාන හිතවාදී හූති සටන්කාමීන් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ, ගුවන් තොටුපළ තවදුරටත් තම ඉලක්කයක්බලෙස පවතින බවත්, ඊට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්ය.


RECOMMEND POSTS