සිරියාවට මහ වැසි ජල ගැලීම්

නැගෙනහිර සිරියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමග හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙන් කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු හත් දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව විදෙස් මාධ්‍ය පවසයි. ජල ගැලීම්වලට හසුවී ගසා ගෙන ගොස් තුවාල ලබා දිවි බේරාගත් ගණන 10 කි.
සිරියානු ආපදා කළමනාකරණ අමාත්‍ය රයිඩ් අල්-සාලේ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ හදිසි ජල ගැලීමෙන් නිවාස රැසකට ද හානි සිදුවී ඇති බවය. විපතට පත්වූවන්ට කඩිවමින් අවශ්‍ය ආධාරැ ලබා දෙන බව ද සිරියානු ආපදා කළමනාකරණ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

