සිරියාවට තාවකාලික ව්‍යවස්ථාවක්



සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය. 

බෂාර් අල් අසාද්ගේ පාලනය අවසන් වීමෙන් පසු, බෂාර් අල් අසාද් පාලනය අවසන් කිරීමට අරගල කළ විපක්ෂය මෙම අනතර්වාර රජය පිහිටුවා ඇති අතර, අහ්මඩ් අල් ෂාරා යනු, එම විපක්ෂයට සහාය දැක්වූ සන්නද්ධ කැරැලිකරුන්ගේ නායකයාය.

නව ව්‍යවස්ථාවක් සකස් කර මහ මැතිවරණයකට යෑමට වසර පහක් පමණ ගතවනු ඇති බවත්, එතෙක් මෙම තාවකාලික ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන බවත් ඊට අත්සන් කරමින් අහ්මඩ් අල් ෂාරා පැවැසීය.

මේ අතර, කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.

කැනඩාව පවසා ඇත්තේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගනිමින්, සිරියාවේ ඩමැස්කස් අගනුවර කැනඩා තානාපති කාර්යාලයක් විවෘත කරන බවය.

සිරියානු අන්තර්වාර රජය වෙනුවෙන් කැනඩාව කැනේඩියානු ඩොලර් මිලියන 84 ක් ලබා දීමට සූදානම් බව කැනඩා විදේශ අමාත්‍ය මිලේනී ජෝලී පවසා ඇත. මෙම මුදල ලබා දෙන්නේ මානුෂීය ආධාර වශයෙනි.

 (අල් ජසීරා)


RECOMMEND POSTS