සිරියානු ජනපති ඇමෙරිකාවේ

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමේ අරමුණින්, සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා ඇමෙරිකාවට පැමිණ සිටී. අල් ෂාරා සහ ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිතය.
සිරියානු ජනාධිපතිවරයකු මෙසේ ධවල මන්දිරයට පැමිණි පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ ද මෙයයි.
සිරියාවත් ඇමෙරිකාවත් අතරේ සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, සිරියාව සහ ඊශ්‍රායලය අතරේ පවතින ගැටුම් අවසන් කිරීමටත් ට්‍රම්ප් සහ අල් ෂාරා අතරේ සාකච්ඡා පැවැත්වෙනු ඇත.

