වෛද්‍ය ශිෂ්‍යාවක් විභාග ආතතියෙන් මරුට



ඊජිප්තුවේ මෙනෝෆියා හි වෛද්‍ය ශිෂ්‍යාවක් දැඩි ​විභාග ආතතිය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

වෛද්‍ය ශිෂ්‍යාව වන එමාන් මුස්තාෆාගේ රුධිර පීඩනය ඉහළ යෑම හේතුවෙන් මොළයේ රුධිරය වහනයක් සිදු වී කෝමා තත්ත්වයට පත් වී ඇත.

රෝහල් ගත කර දින දෙකකට පසු වෛද්‍ය ශිෂයාව වන එමාන් මුස්තාෆාජීවිතක්ෂයට පත් වී ඇත. ඇය සිය ජීවිතය පුරාම ආදර්ශමත් ශිෂ්‍යාවක් වු බව ඇගේ පියා වන ඩයිබ් මුස්තාපා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline කයිරෝ නුවර)

RECOMMEND POSTS