වීසා නැතිව ඇමරිකාවට යන්න පුළුවන්



ඇමරිකා එක්සත් ජනපදයට වීසා නොමැතිව ගමන් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වූ පළමු අරාබි රට බවට කටාර් රාජ්‍යය පත් ව ඇති බව වාර්තා වේ.

මෙම වැඩසටහනට සම්බන්ධවීමත් සමඟම කටාර් පුරවැසියන්ට වීසා බලපත්‍රය නෙමැතිව දින 90 ක් දක්වා සංචාරක හෝ ව්‍යාපාරික අරමුණු සඳහා එක්සත් ජනපදයට යාමට අවස්ථාව හිමි වෙයි.

අන්‍යෝන්‍ය පියවරක් ලෙස කටාර් රාජ්‍යය ඇමරිකානු පුරවැසියන් සඳහා වන සංචාරක සීමාවන් ද ලිහිල් කරනු ඇත.

එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දෝහා වෙත ගොස් දින 90ක් දක්වා රැඳී සිටිය හැක.

සංචාරක අවසරය සඳහා වන ඉලෙක්ට්‍රොනික පද්ධතිය (ESTA) යාවත්කාලීන කළ පසු වීසා නිදහස් කිරීම ආරම්භ වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - දෝහා නුවර)

RECOMMEND POSTS