වීදි සුනඛයන්ට ආහාර දුන් කත අත්අඩංගුවට

ඊජිප්තුවේ කයිරෝ නුවර වීදිවල සිටින සුනඛයින්ට ආහාර ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වීදි සුනඛයන්ට ආහාර ලබාදීම වීඩියෝ කර පළ කිරීම, අනෙකුත් අයටද එලෙස කිරීමට දිරිගැන්වීම සහ ඒ සඳහා ආධාර මුදල් ලබාගැනීම යන කරුණු අනාවරණය වීමෙන් පසු කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
වීදි සුනඛයින්ට ආහාර ලබාදීම හේතුවෙන් ඔවුන් කලහකාරී වන බවත්, එය අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ෆේස්බුක් ඔස්සේ පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
සුනඛයින්ට ආහාරයට ගැනීම සඳහා මහමග මස් දමා යාමෙන් පරිසර දූෂණයට හේතු වන බවත්, ඇය නිසි අවසරයකින් තොරව ආධාර මුදල් රැස් කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වීදි සුනඛයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග ගෙන තිබුණද, වීදි සුනඛයින් අතර ජලභීතිකා රෝගය තවමත් සැලකිය යුතු මට්ටමකින් පැවතීම ගැටලුවක්ව පවතීයි.

