ලෙබනනයේ පාලමක් පුපුරුවා හැරේ

නැගෙනහිර ලෙබනනයේ බටහිර බෙකා නිම්නයේ අල්-ඩලාෆා පාලම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ විය.
ලෙබනන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, දකුණු ලෙබනනය සහ බෙකා ප්‍රදේශය යා කරන මෙම වැදගත් පාලම ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර කිහිපයක්ම එල්ල වි ඇත.
ඊට අමතරව එල්ල වන ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් අතර පවතින ගමනාගමන සබඳතා ද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
ඊශ්‍රායල හමුදා ලෙබනනයට පහර දෙන්නේ ලෙබනන් හිස්බුල්ලා සටක්කාමීන් ඉලක්ක කර ගනිමිනි. ලෙබනන් හිස්බුල්ලා යනු ඉරාන රජයේ අනුග්‍රහය ලබන ත්‍රස්ත කණ්ඩායමකි.

