රේඩාර් පද්ධතියට ඩ්‍රෝන ප්‍රහාරයක්



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොළේ රේඩාර් පද්ධතියට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඩ්‍රෝනා යානා කිහිපයකින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළේ රේඩාර් පද්ධතියට හානි සිදු වු බවත්, කිසිදු තුවාලයක් සිදු වී නොමැති බව කුවේට් සිවිල් ගුවන්සේවා සඳහා වන මහජන අධිකාරිය ප්‍රකාශ කළේ ය.

මෙවැනි ප්‍රහාරයකට මුහුණදීම සඳහා ආරක්ෂිත පියවරයන් කලින් ගෙන තිබීම හේතුවෙන් අලාභ හානිය අවම කරගැනීමට හැකි වු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශකු වන අබ්දුල්ලා අල් රාජ්හි පැවසුවේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS