රථය දෙක කුඩුපට්ටම්



කුවේට් පොලීසිය පොලිස් නිලධාරියකු යට කරගෙන පලාගිය මෝටර් රථ දෙකක් කුඩුපට්ටම් කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය කුවේටයේ වෆ්රා නගරයේ සිදුවී ඇති අතර, නොසැලකිලිමත් ලෙස රිය පැදවූ පොලිස් නිලධාරියෙකු යට කරගෙන ධාවනය කළ පුද්ගලයින් දෙදෙනා ඉදිරියේ ඔවුන් සතු වාහන දෙක කුඩුපට්ටම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මාධ්‍යයට නිකුත් කර තිබේ.

බලපත්‍ර අංක තහඩු නොමැතිව පැරණි “Datsun 280Z” රථයක් පදවන පුද්ගලයෙකු පොලීසිය නිරීක්ෂණය කර ඇත.

අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කළ මෝටර් රථය නැවැත්වීමට උත්සහ කළ අවස්ථාවේදි

පොලිස් නිලධාරියාව යට කරගෙන ගොස්, පසුව මිතුරාගේ මෝටර් රථයෙන් පලාගොස් ඇත.

අදාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරියා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, සුවය ලබමින් සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS