රජයේ කාර්යාලයකට ඩ්‍රෝන ප්‍රහාරයක්



කුවේටයේ රජයේ කාර්යාලයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරෙයන් පසු ගොඩනැගිල්ල ගිනිගෙන ඇති අතර, ගොඩනැගිල්ල ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වන්ය පටන් ගෙන ඇත.

මිසයිල් ප්‍රහාරයක් වැළැක්වීම සඳහා එල්ල කරන ලද මිසයිල්වල කැබලි කඩා වැටීම හේතුවෙන් මෙම ගොඩනැගිල් ගිනිගන්න ඇති බවට විශ්වාස කරන බව කුවේට් හමුදාව ප්‍රකාශ කළේ ය.

මෙවැනි ආකාරයේ සුන්බුන් කඩා වැටීම හේතුවෙන් හානි සිදුවී ඇති බව කුවේට් හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline -කුවේට නගරය)

RECOMMEND POSTS