රජයක් පිහිටුවන්න නෙදන්යාහුට දෙන්න එපා



ඊශ්‍රායල මහ මැතිවරවණයෙන් වැඩි ඡන්ද දිනා ගැනීමට, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ ඔහුගේ සන්ධානයට හැකියාව ලැබුණත් රජයක් පිහිටුවීමට බහුතරය නොලැබුණු පසුබිමක, නෙදන්යාහුට විරෝධය දක්වන ඊශ්‍රායල වැසියන් වීදි බැස විරෝධතා රැලි පවත්වමින් දෙවැනියට වැඩිම ඡන්ද දිනූ විපක්ෂ සන්ධානයට බල කරන්න වූයේ අරාබි පක්ෂ සමග එක් වී රජයක් පිහිටුවන ලෙසය.

ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ ඉකුත් 27 වැනිදාය. ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව යනුවෙනි. නෙසට් මුළු ආසන සංඛ්‍යාව 120කි. බහුතරය සඳහා ආසන 61 කට වඩා දිනා ගැනීම කළ යුතුය.

නෙදන්යාහු නියෝජනය කරන්නේ ලිකුද් පක්ෂයයි. මෙම පක්ෂය ප්‍රමුණ සන්ධානයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 53 කි. විපක්ෂය ලෙස විපක්ෂ දේශපාලන කණ්ඩායම් කීපයක් සන්ධානගතවී සිටී. ගාඩි අයිසෙන්කොට්, විපක්ෂය මෙහෙයවයි. විපක්ෂ සන්ධානයට හිමිවුණු ආසන සංඛ්‍යාව 48 කි. එබැවින්, විපක්ෂ සන්ධානයට ද බහුතරය නොමැත.

තෙවැනි බලවේග ලෙස පලස්තීන හිතවාදී, අරාබි පක්ෂවල එකමුතුවෙන් සැදුම්ලත් සන්ධානය ආසන 19 ක් දිනා ගත්තේය. මෙය අරාබි දේශපාලන පක්ෂ ලැබූ ඓතිහාසික ජයග්‍රහණයකි.

නෙදන්යාහු සහ ඔහුගේ ලිකුද් දේශපාලන පක්ෂය තරයේ පවසා ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක මෙම අරාබි පක්ෂ සමග සන්ධානගත නොවන බවය. නෙදන්යාහු උත්සාහ ගනිමින් සිටින්නේ විපක්ෂ සන්ධානයේ වැඩි ආසන දිනූ පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමටය.

යුද මානසිකත්වයක ඇති යුද අපරාධකරුවකු යැයි නෙදන්යාහුට අප්‍රසාදය දක්වන, ඊශ්‍රායල වැසියන්, අද (1) ටෙල් අවීව් අගනුවර විරෝධතා පවත්වමින්, ගාඩි අයිසෙන්කොට් සහ ඔහුගේ විපක්ෂ සන්ධානයට බල කරන්න වූයේ යළි නෙදන්යාහු බලයට පත්වීම වළක්වන ලෙසත්, අරාබි පක්ෂ සමග එක් වී රජයක් පිහිටුවන ලෙසත්ය‍


RECOMMEND POSTS