යේමන ගුවන්තොටුපොළට ඊශ්‍රායල හමුදා පහර දෙයි



​යේමනයේ සානා අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළට ඊශ්‍රායල හමුදා පහර දුන්නේය. ඒ, හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි.

ඊශ්‍රායල හමුදා ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර 4 ක් එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් ගුවන්පථවලටත් යේමන ගුවන් සේවයට අයත් ගුවන් යානයකටත් හානි සිදුවුණු බවත් පැවැසෙයි.

ඊශ්‍රායල හමුදාව, මීට පෙර ද යේමනයේ සානා අගනුවර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS